සිකුරු ග්‍රහයා හෙට ලංවෙයි / ලංකාවට පියවි ඇසින් දැකගත හැකියි

සෞරග්‍රහ මණ්‌ඩලයේ පෘථවියට ආසන්නතම ග්‍රහයකු වන සිකුරු ග්‍රහලෝකය දීප්තිමත්ව සහ පියවි ඇසින් නිරීක්‍ෂණය කිරීමට ලාංකික ජනතාවට හෙට අවස්ථාව හිමිවනවා.
කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා නිවේදනයක් මගින් සදහන් කළේ පෝය දින රාත්‍රියේ මෙය පැහැදිලි දර්ශනයක් ලෙස දිස්වන බවයි.

පෝය දින ඉර බැස ගිය පසු සිකුරු ග්‍රහයා දීප්තිමත්ව ලෙස සහ පෘථිවිය ආසන්නයේ දැක ගත හැකියි.

ඒ අනුව 12 වනදා (හෙට) රාත්‍රී 7 සිට 10 තෙක් කාලයේ මෙම දර්ශනය ලාංකිකයින්ට දැක ගැනීමට අවස්ථාව හිමිවනු ඇති.
යළිත් සිකුරු ග්‍රහයා මෙවන් දීප්තියකින් දැකගත හැක්කේ ලබන වසරේ අගෝස්‌තු මාසයේදී ද බවද මහාචාර්යය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: