අවසන් කතාවේදී ඔබාමා සංවේදී වෙයි / අමෙරිකාවට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලයි

තම පාලන සමය තුල අමෙරිකාව යළි ශක්තිමත් තැනකට ගෙන ඒමට සමත්වූ බව අමෙරිකානු ජනාධිපති බරක් ඔාබාමා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සිය ධුර කාලයේ අවසන් නිල කතාව සිදුකරමින්. පසුගිය වසර 8 තුල තමන්ට හැකි ආකාරයෙන් අමෙරිකාව වෙනස් කළ බවත් එය ජයග්‍රහණයක් ලෙස සලකන බවත් බැරක් ඔබාමා සදහන් කර තිබෙනවා. චිකාගෝහීදී පැවැති මෙම දේශනයේදී ඔබාමා කියා සිටියේ වෙනසක් වෙනුවෙන් 2008 වසරේදී තමන් ලබාදුන් පොරොන්දු පාලනය කාලය තුල ඉටු කිරීමට හැකියාව ලැබුණු බවයි.

මෙහිදී රැස්ව සිටි දහස් සංඛ්‍යාත පිරිසක් ඉල්ලා සිටියේ තවත් වසර 4ක් අමෙරිකානු ජනපති ධූරයේ කටයුතු කරන ලෙසයි. එහෙත් ඔබාමා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඔහු සිනාසෙමින් කියා සිටියේ ව්‍යවස්ථාව අනුව තමන්ට හිමි ධූර කාල2 ක අවසන්ව ඇති බවයි. නව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් අඩු වශයෙන් අදහස් දැක්වූ අමෙරිකානු ජනාධිපතිවරයා අමෙරිකාවට ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යාවශ්‍ය බවයි පැවසුවේ.රටේ දේශපාලනය ගැන අන්තර්ජාලය ඔස්සේ විවේචනය කරමින් නොසිට සැබෑ ලෙස හඩ නංවන ලෙසයි ජනපති ඔබාමා ජනතාවගෙන් ඉල්ලා සිටියේ. ඔහු ලබන 20 වනදා ධූරයෙන් ඉවත්ව යන අතර ඩොනල්ඞ් ට්‍රම්ප් එදින අමෙරිකානු ජනාධිපති ලෙස වැඩ බාර ගැනීමට නියමිතයි.

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: