පාස්පෝට් නැතිව අහසින් ගිය රයිනෝගේ කතාව

කොකුන් දෙදනකුගේ සහාය ලබා ගනිමින් අහසින් ගිය ඉබ්බාගේ කතාව ඔබ අසා ඇති. එහෙත් මෙතෙක් ඉතිහාසයේ අහසින් ගිය රයිනෝ සත්ත්වයෙක් පිළිබද ඔබ අසා තිබුණාද ?
එවන් අති දුර්ලභ අවස්ථාවක් පසුගියදා අප්‍රිකාවේ රයිනෝසිරස් සත්ත්වයකුට හිමිවුණා.
එරට ග්‍රේට් ෆිෂ් වනානාත්රයේ වාසය කළ මෙම රයිනෝ සත්ත්වයාට අනෙක් රයිනෝ සත්ත්වයින්ට මෙන්ම දැඩි ජීවිත තර්ජනයක් හටගෙන තිබුණා.
ඒ රයිනෝ අඟ ලබා ගැනීම සදහා පැමිණෙන දඩයක්කරුවන් හේතුවෙන්.
එය හදුනාගත් පරිසර විද්‍යාඥයන් හා වන ජීවී අංශ මෙම සත්ත්වයා ආරක්ෂිත කලාපයක් වෙත ගෙන යාමටයි තීරණය කළේ.
කෙසේ වෙතත් රාත්තල් 2200 ක් බර සත්ත්වයකු එසේ ගෙන යාම පහසු කටයුත්තක් නොවෙයි.
ඒ නිසා නිර්වින්දනය කළ මෙම රයිනෝ සත්ත්වයා වෙනත් වනාන්තරයක් වෙත ගෙන යන ලද්දේ ගුවන් යානයක් මගිනුයි.
එම සත්ත්වයාට හානියක් නොවන පරිදි මෙම මෙහෙයුම සාර්ථකව නිමා කර තිබුණා.
මේ අහසින් ගිය රයිනෝගේ ජායාරූප ලයිස්තුවයි. දැන් එම රයිනෝ සත්ත්වයා ආරක්ෂිත වනානාතරයක ජීවත්වන්නේ ජීපීඑස් තාක්ෂණයේද පිහිට ලබා ගනිමිනුයි.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න