පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකරන්නන්ට දැඩි පියවර ගන්න / ජේ සී ඉල්ලයි

පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා නොකරන මහජන නියෝජිතයින් සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහකාර සම සංවිධායක ධූරය දරන ඒ මහතා මෙම අදහස් පල කළේ මාවතගමදී පැවැති ජන හමුවකට එක්වෙමින්.
පාර්ලිමේන්තුව ජනතා මුදලින් නඩත්තු වන ආයතනයක් බැවින් එහි කටයුතු කඩාකපප්පල් කිරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කිරීම මහජනතාවට ද්‍රෝහී වීමක් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
එබැවින් පාර්ලිමේන්තුවට හිමි ගරුත්වය ආරක්ෂා කරමින් ඒ කෙරෙහි ජනතා විශ්වාසය ඇතිවන පරිදි කටයුතු කිරීම සියලු මහජන නියෝජිතයින්ගේ වගකීමක් බවයි ජේසී අලවතුවල මහතා කියා සිටියේ.
ඊට එරෙහි වූ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායකයා සම්බන්ධයෙන් කතානායකවරයා දැඩි තීරණ ගනු ලැබූ අයුරින්ම පාර්ලිමේන්තුවේ කටයුතු කඩා කප්පල් කිරීමට තැත් කරන අනෙක් පුද්ගලයින් පිළිබදවද ක්‍රියාමාර්ග ගත යුතු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
මේ වන විට අවශ්‍ය වන්නේ ජනතාවට විහිලු සපයන දේශපාලනඥයන් නොව රට ආර්ථික අර්බුධවලින් මුදවා දියුණු රටක් ඇති කිරීමට කැපවන දේශපාලනඥයන් බවයි ජේ සී අලවතුවල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න