ආණ්ඩුවටත් ඩෙංගු / විමල්ගෙන් චෝදනා

ඩෙංගු රෝගය මර්ධනය කිරීමට පවා වත්මන් රජය අසමත්ව ඇති බවට ජාතික නිදහස් පෙරමුණ අද චෝදනා එල්ල කළා. පක්ෂ නායක  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේ පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි. මේ එහිදී මන්ත්‍රීවරයා පල කළ අදහස්

ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන නගරය ලෙසට විරුදාවලිය ලැබූ, එමෙන්ම පිරිසිදු බවේ සංකේතයක් බවට පත් වූ කොළඹ නගරය පමණක් නොවෙයි, තදාසන්න ප්‍රදේශවල හැම නගරයක්ම අද වන විට කුණුවලින් පිරුණු තත්වයකට පත් වෙලා. කුණු වලින් පිරුණු- කුණු වුණු රටක් බවට අද මේ රට, මේ අෘණ්ඩුව විසින් පත්කර අවසන්. කුණු කඳු කඩා වැටිලා මිනිසුන්ගේ ජීවිත, දේපළ විනාශ වෙනවා පමණක් නොවෙයි මේ රටේ නගර, කුණු කඳු බවට පත්කරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්ව තිබෙනවා. රටක් භාරගත්තා නම් අඩු තරමින් පිරිසිදුකමේ වගකීම හෝ ගන්න ආණ්ඩුවකට පුළුවන් වෙන්න ඕනෙ.

පළාත් පාලන මැතිවරණය කල් දමා, පළාත් පාලන ආයතන අද නිලධාරී පාලනයකට යටත් කොට තිබෙනවා. ඒ නිලධාරී පාලනය මගින් පළාත් පාලන ආයතනවල විය යුතු යුතුකම සහ වගකීම පැහැර හරින තත්වයකට පත් කරලා මේ ආණ්ඩුව ‘බකංනිලා’ ගෙන ඉන්නවා. අන්තිමේදී ‘හමුදාව දාලා මේ කුණු ඉවත් කරන්න’ කියන තත්වයට මේ ආණ්ඩුවේ ඇමතිවරුන් පත්ව සිටිනවා.

දැන් බලන්න අරනායක සාමසර කන්ද නාය යාමෙන් විපතට පත් වූ ජනතාව අදටත් තාවකාලික ටෙන්ට් කූඩුවල ජීවත ගෙවනවා. මේ ස්වාභාවික ආපදාව සිදු වෙලා දැන් වසරකටත් වැඩියි. එහෙම තියෙද්දි මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ඇමති පට්ටම්, සුඛෝපභෝගී වාහන ලැබෙනවා.

ඒ විතරක් නොවෙයි, දැන් ඩෙංගු රෝගය දිනෙන් දින බරපතළ ලෙස පැතිරෙමින් තිබෙනවා. පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කිරීම නිසා සිදු වූ බරපතළම හානිය තමයි මේ රටේ ජනතාව ඩෙංගු අවදානමට ලක්වීම. රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා නම් කියන්නේ ‘සංවර්ධනයත් සමඟ ඩෙංගු රෝගය මේ විදියට ව්‍යාප්ත වෙනවා’ කියලයි. ඒ අනුව ඩෙංගු රෝගය ව්‍යාප්ත නොවුණු රටවල් ලෝකයේ දුප්පත්ම රටවල් වෙන්න ඕනෙ. (මාධ්‍යවේදීන්ගේ සිනා) සංවර්ධන දර්ශකවල ඉදිරියෙන්ම සිටින බොහෝ යුරෝපා, ස්කැන්ඩිනේවියානු රටවල් ඩෙංගු රෝගය ව්‍යාප්ත නොව රටවල්. මෙවැනි තකතීරු -අමන-මරි-මෝඩ කතාවලින් මේ සැබෑ ව්‍යසනය වසා දමන්නට බැහැ.

‘ඩෙංගු රෝගීන් ඇඳන් යටට දමලා බොරු පම්පෝරි ගහනවා’

මේ වන විට ඩෙංගු රෝගීන් 61,000කට වැඩි බව වාර්තා වී තිබෙනවා. ගෙවී ගිය මාස 06 තුළ පමණක් ඒ හේතුවෙන් 200ක් මිය ගොස් තිබෙනවා. ඩෙංගු රෝගීන්ගෙන් ඇතැම් රෝහල් පිරිලා. ඇඳන් උඩ පමණක් නොවෙයි, අද ඇඳන් යට රෙදි කැබැල්ලක් එළාගෙන ඩෙංගු රෝගීන් අසරණව සිටිනවා. මේ ආණ්ඩුව නිදහස් සෞඛ්‍ය සේවයෙන් ප්‍රතිලාභ ලබන අහිංසක මිනිසුන් අද ඇද දමලා තිබෙන්නේ එවැනි ඉරණමකට.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න