නීතීඥ ලක්ෂාන් ඩයස්ට සමාව ගන්න පැය 24ක් / අධිකරණ ඇමති

නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා විසින් පැය 24 ක් ඇතුළත රටේ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
කිතුණු ආගමික ස්ථාන 166 කට භික්ෂූන් වහන්සේලා විසින් පහරදී ඇති බවට එල්ල කළ චෝදනාවකට අදාළවයි මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ.
ඒ සම්බන්ධයෙන් තමන් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් විමසා සිටියද අදාළ චෝදනා අසත්‍ය බව කාදිනල්තුමන් විසින් ප්‍රකාශ කළ බවද අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව එවන් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිඥවරයා සමාව ගත යුතු බවත්, එම වගකීම ඉටුනොකළහොත් ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට ලබන සඳුදා වන විට අවශ්‍ය පියවර ගන්නා බවත් අධිකරණ අමාත්‍යවරයා පැවසුවා.
දෙරණ රූපවාහිනියේ පැවැති සංවාදයකට එක්වෙමින් නීතීඥ ලක්ෂාන් ඩයස් මහතා මෙම චෝදනාව එල්ල කර තිබුණා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න