පාර්ලිමේන්තු මන්ත්‍රීන් 3න් දෙනකු ඉල්ලා අස්වීමට යයි

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී මහ ඇමති ධූර සදහා තරග කිරීමේ අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 3න් දෙනකු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට නියමිත බවට තොරතුරු වාර්තාවනවා.
දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ඒකාබද්ධ විපක්ෂයේ සබරගමු පළාත් මහ ඇමති අපේක්ෂිකාව ලෙස මන්ත්‍රිණි පවිතා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත්වීමට සූදානමින් පසුවන බවයි.
මේ අතර තුරු මැද පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මහ අමති අපේක්ෂකයා ලෙස මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා යෝජනා කර තිඛෙනවා.
උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මහ ඇමති ධූර අපේක්ෂකයා ලෙස යෝජනාවී ඇත්තේ නාලක කොලොන්නේ මහතායි.
ඒ අනුව පළාත් සභා මැතිවරණය නම් කළ විගස මෙම මන්ත්‍රීවරු ධෂුරවලින් ඉවත්වීමට නියමිත බවටයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න