සහල් සගවා සිටින ප්‍රබලයකු ගැන සහල් මෝල් හිමියන්ගෙන් චෝදනා

මෙරට තුල සහල් හිගයක් මවා පා මිල වැඩි කිරීමේ අරමුණින් ප්‍රබල සබදතා ඇති වී මෝල් හිමියකු කටයුතු කරන බවට සමස්ථ ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය අද චෝදනා එල්ල කළා. ඒ අනුව දැවැන්ත සහල් ගබඩාවක මේ වන විටත් සහල් සගවා තිබුණද රජය ඊට එරෙහිව පියවර නොගන්නා බවටයි සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. සහල් සැගවීම වරදක් වුවද පාරිභෝගික අදිකාරියේ නිලධාරීවන් පවා මීට එරෙහිව පියවර ගත නොහැකිව අසරණව සිටින බවටයි මෙහිදී චෝදනා කෙරෙැණේ.රජය මේ සම්බන්ධයෙන් නිසි පියවර නොගන්නේ නම් මීලග මහ මැතිවරණයේදී රජයට එරෙහිව වෙනත් තීරණයකට එළඹෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න