සුනාමි අනතුරු කලින් දැනගන්න සවිකර තිබූ බෝයාවක් අතුරුදන්

සුනාමි අනතුරු කල්තබා දැන ගතහැකි ගැඹුරු මුහුදු පත්ලට ස්ථාවරව සාගරයේ සවි කොට තිබූ සුනාමි දත්ත බෝයාවක් අතුරුදන්ව ඇතැයි හෙළිව තිඛෙනවා.
ඉකුත් වසරේ පෙබරවාරී 29 වනදා සිට එමගින් දත්ත සැපයීම නතර වී ඇති බවයි අනාවරණවී ඇත්තේ.
අන්දමන් දුපත් ආශ්‍රත ජාත්‍යන්තර මුහුදු කලාපයේ උතුරු අක්ෂාංශ 7.01 හා නැගෙනහිර දේශාංශ 88.07 ස්ථානයේ මෙම සාගර දත්ත බෝයාව පිහිටුවා තිබුණා.
මෙම සාගර දත්ත බෝයාව පිළිබදව හෝ එහි කොටසක් පිළිබදව තොරතුරු දන්නේ නම් ඒ බව 0719353009 දුරකතන අංකය ඔස්සේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ සාගර විද්‍යාඥ අඛිල හරිස්චන්ද්‍ර මහතා වෙත දැනුම් දිය හැකියි.
එහි සභාපති ආචාර්ය අනිල් ප්‍රේමරත්න මහතා පැවසුවේ එලෙස එහි කොටස් නැවත සොයාගත හැකි වුවහොත් එය පෙර පරිද්දෙන්ම එම ස්ථානයේ ස්ථාපිත කළහැකි යැයිද බවයි.

එලෙස එහි කොටස් නැවත සොයාගත හැකි වුවහොත් එය පෙර පරිද්දෙන්ම එම ස්ථානයේ ස්ථාපිත කළහැකි යැයිද සභාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියි.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න