ඩෙංගු රුධිර පරීක්ෂණ ගාස්තු අද සිට පහලට

පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල රුධිර පරීක්ෂණ සහ ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අයකරන ගාස්තු අද සිට පහත දමා තිඛෙනවා. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෞද්ගලික රෝහල් බලධාරින්ට ලබාදුන් උපදෙස් අනුව මෙය ක්‍රියාත්මකයි.

ඩෙංගු රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් රුධිර පරීක්ෂණ වැඩි වශයෙන් සිදුකිරීමට සිදුව ඇති බැවින් එම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළා. පෞද්ගලික රෝහල් නියාමන පනතට අනුකූලව එම මිල සංශෝධනය සිදුකරන අතර, එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව රුධිර පරීක්ෂණ සඳහා අයකරන ගාස්තුව රුපියල් 250ක් ද ඩෙංගු රුධිර පරීක්ෂණය සඳහා අය කරන ගාස්තුව උපරිම රුපියල් 1000ක් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න