පකිස්ථානයට මල්- දෝනිගේ නිවසට ගල් / ආරක්ෂාව තර කරයි

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී පකිස්ථානය හමුවේ පරාජයට පත්වීමෙන් පසු ඉන්දීය ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ නිවාස අවට ආරක්ෂාව තර තර ඇති බව ඉන්දීය වාර්තා පවසනවා.
පරාජයෙන් කෝපයට පත් ක්‍රීඩා ලෝලීන් ඉන්දීය ක්‍රීඩකයින්ට විරෝධය පල කරමින් හැසිරීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.
හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝණිගේ රැන්චි හී පිහිටි නිවසට විශේෂ හමුදා ආරක්ෂාවක් යොදවා ඇති බවද එම පුවත්පත අනාවරණ කරනවා.
එසේම ඔහුගේ නිවස පිහිටි කලාපය අධි ආරක්ෂිව සහිත කලාපයක් ලෙසයි ප්‍රාන්ත රජය විසින් නම් කර ඇත්තේ.
ඉන්දියාවේ පසමිතුරා ලෙස සැලකෙන පකිස්තානය හමුවේ ඉන්දියාව පරාජයට පත්වීමයි මෙම තත්ත්වයට මුල්ව තිබෙනවා.
ඉන්දීය ප්‍රබල පිතිකරුවන් ඉතා අඩු ලකුණු සංඛයාවකට දැවීයාම සම්බන්ධයෙනුයි ක්‍රීඩා ලෝලීන් චෝදනා එල්ල කර ඇත්තේ.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න