මහැදුරු බිරිදකගෙන් සන්නස්ගලට නඩු

ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල මහතාට එරෙහිව  මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ බිරිඳ අද  කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.

ඒ තම සැමියා විසින් සංස්කරණය කරන ලද ඉංග්‍රීසි -සිංහල ශබ්ද කෝෂයේ කර්තෘ භාගය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්ෂ 29 ක මුදල ගෙවීම ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පැහැර හැර ඇති බැවින් එම හිග මුදල් අය කර දෙන මෙන් ඉල්ලමිනුයි.

මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා ගේ බිරිඳ වන ශාන්තා පද්මපෙරුම මහත්මිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

සන්නස්ගල මහතා කර්තෘ භාගය ලෙස රුපියල් ලක්ෂ 40ක් මුදලක් ගිවිසුම් ප්‍රකාරව ගෙවීමට පොරොන්දු වී ඇති අතර රුපියල් ලක්ෂ 11 ක් ගෙවුවද ඉතිරි මුදල වන රුපියල් ලක්ෂ 29 ක මුදල වසර 4කට ආසන්න කාලයක සිට ගෙවා නොමැති බවටයි මෙමගින් කරුණු දක්වා ඇත්තේ.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න