ශ්‍රීලනිපය හා එජාපය අතර අද තීරණාත්මක සාකච්ජාවක්

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත්කර ඇති කමිටුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් හමුවීමට පෙර, වෙනම රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවයි අදාළ වාර්තා හෙළිකරන්නේ.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වෙනම කමිටුවක් පත්කර ඇති අතර සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර, ආචාර්ය සරත් අමුණුගම, දමින්ද දිසානායක, ඩිලාන් පෙරේරා, ෆයිසර් මුස්තාපා සහ තිලංග සුමතිපාල යන මැති ඇමැතිවරු එහි සෙසු සාමාජිකයෝ වනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු ලේකම් කාර්යාලය විසින් ඉදිරිපත් කර ඇති දළ ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව එහිදී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිත බවද සදහන්. මෙම කෙටුම්පතේ එන බොහොමයක් කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය දැනටමත් එකඟතාව පළකර ඇති බවයි පැවසෙන්නේ.

ඒකාබද්ධ විපක්ෂයත්, ජාතික හෙළ උරුමයත් ඒ පිළිබඳ සිය යෝජනා ඉදිරිපත් කර ඇතත් යෝජිත කෙටුම්පතේ කරුණු කාරණා රැසකට ඔවුන් එකඟතාව පළකර නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තවමත් එම කෙටුම්පත පිළිබඳ සිය පක්ෂවල ස්ථාවරය දැනුම් දී නොමැති බවද ප්‍රකාශ වනවා.

යෝජිත කෙටුම්පතේ සඳහන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පළාත් සභාවල මහ ඇමැතිවරුන්ගෙන් විමසා ආණ්ඩුකාරවරුන් පත් කිරීම, පළාත් සභා ඒකාබද්ධ කිරීම ආදී යෝජනා රැසකට ශ්‍රීලනිපය දැනටමත් විරුද්ධත්වය පලකර ඇති අතර යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් බලය බෙදීමක් සිදුවන්නේ නම් විධායක ජනාධිපති ක්‍රමය අනිවාර්යයෙන්ම පැවැතිය යුතු බව ශ්‍රීලනිපයේ අදහස වී තිඛෙනවා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න