ශූරයන්ගේ කුසලානය පකිස්ථානයට

2017 ශූරයන්ගේ කුසලානය හිමිකරගැනීමට පකිස්ථානය සමත් වුණා. ඒ ඉන්දියාව සමග පැවති අවසන් මහා තරගය ලකුණු 180 කින් ජය ගනිමින්.තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 338 ක් රැස් කළා.
ෆකාර් සමන් ලකුණු 114 යි.පන්දු 106 කින් ලබාගත් එම ලකුණු 114 ට හතරේ පහර 12 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් ඇතුලත් වුණා.පකිස්ථාන ඉනිමේ 4වන පන්දු වාරයේදී ෆකාර් දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නකු වන බුම්රා සමත්වුවද එය නිපන්දුවක් වූ බැවින් ෆකාර්ට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට අවස්තාව හිමිවුණා.
අසාර් අලි 59 යි. මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 57 ක් රැස් කලේ පන්දු 37 කින්.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාවට පන්දුවාර 30 යි පන්දු 3 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 158ක් පමණයි. හර්දික් පාන්ඩ්යා වේගවත් ලකුණු 76 ක් ලබාගත්තා.
රෝහිත් ශර්මා ලකුණු රැස් කළේ නැහැ. විරාත් කෝලි ලකුණු 4යි.
මහේන්ද්‍ර  සිං ධෝනි ලකුණු 4 ක් ලබා සිටියදී දැවී ගියා. තරගයේ වීරයා සම්මානය හිමිවූයේ ෆකාර් සමන්ටයි. හසන් අලි තරගාවලියේ වීරයා බවට පත්වුණා. තරගාවලියේ හොදම පිතිකරුවා බවට ෂිකර් ධවාන් පත්වුණා. හසන් අලි තරගාවලියේ හොදම පන්දු යවන්නා ලෙසයි නම් කෙරුණේ.
මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න