සියදිවි නසා ගැනීමේ පුවත් පල නොකරන්න / මාධ්‍යයට හා සමාජ මාධ්‍යයට ඉල්ලීමක්

සියදිවි නසා ගැනිමේ සිදුවිම් ජනමාධ්‍ය හා සමාජ ජාල මාධ්‍ය හරහා පල කිරිමෙන් වලකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කරනවා.

මෑත කාලයේ ළමුන් ඇතුළු තරුණ තරුණියන් දුම්රියට ගෙල තබා සිය ජිවිතය අහිමි කර ගත් අවස්ථා පිළිබඳව ජනමාධ්‍ය හරහා මෙන්ම සමාජ ජාල මාධ්‍ය හරහා ද ප්‍රචාරය වූ බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

එවන් සියදිවි නාසා ගැනිම්වලට මාධ්‍ය මඟින් අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීමෙන් සිදු වන්නේ තවදුරටත් එවැනි සිදුවිම් සමාජය තුළ ප්‍රචලිතවිම බව  ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනය කළා.

විවිධ ගැටළු හා ප්‍රශ්නකාරි මානසිකත්වයන් තුළ සිටින පුද්ගලයින්ට එය සිය දිවි නාසා ගැනිමට පෙළඹවිමක් ඇති කරනු ලබනවා.

යම් පුද්ගලයෙකුට මානසිකව අපහසුතා ගෙන දෙන අවස්ථා වෙතොත් උපදේශන සේවා ලබා ගැනිමේ යාන්ත්‍රණයක් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ක්‍රියාත්මක අතර එවැනි උපදේශන සේවා වෙත යොමු වන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

වයස අවුරුදු 18ට අඩු ඕනෑම අයෙකුට එවැනි ගැටළුකාරි අවස්ථාවන්වලදී 1929 අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මානෝ සමාජීය ඒකකයේ සහය ලබා ගත හැකියි.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න