අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

ප්‍රධාන ඉල්ලීම් අටකට විසඳුම් ලබා නොදීමට එරෙහිව දුම්රිය රියෑදුරන් සහ නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිඛෙනවා.

නවක දුම්රිය නියාමකයන් බඳවා ගැනීමේදී සිදුවූ ගැටලු නිරාකරණය නොකිරීම

නියාමක ශ්‍රේණියේ අධිපංතියේ උසස්‌වීම් ලබා නොදීම

දෙවන දෙපාර්තමේන්තු පරීක්‍ෂණය මත පළමු පංතියේ උසස්‌වීම් ලබා නොදීම

නවක නියාමකයන්ගෙන් පිරිසකට විශ්‍රාම වැටුප ලබාදීම හා තවත් පිරිසකට ලබා නොදීම

නවක නියාමක පුහුණු ශේ්‍රණිය ඉවත් කර ස්ථීර පන්තියට අන්තර්ග්‍රහනය නොකිරීම

වැරදි වැටුප් පත්‍රිකා ලබාදීම

දුම්රිය නියාමක, රියෑදුරු හා ස්‌ථානාධිපතිවරුන් බඳවා ගැනීමේදී ක්‍රම දෙකකට බඳවාගැනීම

නව මෙහෙයුම් කළමනාකරණ සේවාව නොපිහිටුවීම හා අදාළ වැටුප් විෂමතාව නිවැරදි නොකිරීම

යන කරුණු මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අනුගමනය කරන බවයි වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.
වෘත්තීය ගැටලු නිරාකරණය කර දෙන බවට අගමැති ලේකම් සමන් ඒකනායක මහතා පෙර පැවැති සාකච්ඡාවකදී එකඟ වූ නමුත් ඒවා ඉටුකිරීම හෝ අඩුම තරමේ අදාළ පාර්ශ්ව සමඟ මෙතෙක්‌ සාකච්ඡාවක්‌ ලබාදී නැතැයි ද ලංකා දුම්රිය නියාමක සංගමයේ සභාපති ඩබ්ලිව්. එම්. ජානක ප්‍රනාන්දු මහතා සදහන් කළා.

නෙසේ වෙතත් අද පෙරවරුවේ මේ සම්බන්ධයෙන් සාකච්ජාවක් පැවැත්වෙන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අඛේසිංහ මහතා සදහන් කළේ.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න