අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ්

අත්අඩංගුවට ගනු ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා ජූලි 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛෙනවා.
කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහි වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදුන් බවයි අප වාර්තාකරු සදහන් කළේ.
යාපනය, පුංකුඩතිව් හි පදිංචිව සිටි විද්‍යා දැරිය 2015 මැයි 13 වන දින පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන මහලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නැමැත්තාට පලා යාමට අවස්ථාව ලබාදීමේ චෝදනාවයි සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට එල්ලවී ඇත්තේ.
මේ හේතුව නිසා ප්‍රදේශයේ ජනතාව හා කයිට්ස් පොලීසිය අතර යම් ගැටුම්කාරී තත්ත්වයක්ද හටගත් අතර එහිදී සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැණුනා.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න