පළාත් පාලන ජන්දය නොවැම්බර් අවසන් සතියේ

පළාත් පාලන මැතිවරණය නොවැම්බර් මාසයේ අවසන් සතියේ පැවැත්වීමට දේශපාලන පක්ෂ නායකයන් එකඟත්වයට පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා. ඒ අනුව කොට්ඨාස ක්‍රමයට සියයට හැටක් සහ සමානුපාතික ක්‍රමයට සියයට 40ක් ලෙස නියෝජනය වන පරිදි සභිකයන් තෝරා ගන්නා ක්‍රමවේදයකට එළඹීමට මෙහිදී තීරණය කර තිඛෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවති පක්ෂ නායකවරුන්ගේ සාකච්ජාවේදීයි මෙම එකගතාවයට එළඹ ඇත්තේ.
මෙම සාකච්ඡාවට මැතිවරණ කොමිෂන් සභාවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහභාගීව සිටියා.
ඒ අනුව කඩිනමින් මැතිවරණයට අදාළ කටයුතු සිදුකිරීමටයි අනුමැතිය ලබාදී ඇත්තේ.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න