මහින්ද උරුම කළ අර්බුධ යහපාලනය විසදනවා / ජේ සී කියයි

ඉකුත් රජය විසින් රට මත පටවා ගිය දැවැන්ත ගැටලු යහපාලන රජය විසින් ක්‍රමිකව විසදීම සදහා අවශය පියවර අනුගමනය කරමින් පවතින බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසනවා.
ලංකා ඒ නිවුස් සමග සංවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ සයිටම් ගැටලුව / උමා ඔය / නොරොච්චෝලේ / මීතොටමුල්ල කසල කන්ද / ඇතුලු ගැටලු රැසකම පිය පදවිය හිමිවන්නේ පසුගිය රජයේ නායකයින්ට බවයි.
මේ වන විට සයිටම් අර්බුධය සම්බන්ධයෙන් රජය විසදුම් යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති අතර එය සියල්ලන්ටම සාධාරණය ඉටු වන යෝජනාවලියක් බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.
උමා ඔය ව්‍යාපෘතියට ඉරාන ජනාධිපතිවරයා සමග ගොස් මුල් ගල් තැබුවේ කවුරුන්ද යන්න ඔහුට අමතක වුවද රටට අමතක නොමැති බවත් මහින්ද රාජපක්ෂ රජය විසින් පීඩාවට පත් කළ එම ජනතාවට කඩිනමින් සාධාරණය ඉටු කරන බවත් ජේ සී අලවතුවල මහතා ප්‍රකාශ කළා.
සැමදා දෝෂයන්ට ලක්වන නොරොච්චෝලේ බලාගාරය මෙන්ම දේශපාලන බලය යොදාගනිමින් මීතොටමුල්ලට කසල ගොඩගැසූ පුද්ගලයින් අද නිහඩව සිටියද එම ජනතාවට සාධාරණය ඉටු කිරීමට මේ වන විටත් රජය පියවර ගෙන අවසන් බවද ජේ සී අලවතුවල මහතා වැඩිදුරටත් සදහන් කළා.ඉදිරි කාලය තුල මෙම අර්බුධ සම්පූර්ණයෙන්ම ජනතා හිතවාදී විසදුම් ලබාදී විසදීමට රජය නියත වශයෙන්ම පියවර ගන්නා බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේ.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න