ලංකා මුහුදට යන්න එපා / ඉන්දීය විදේශ ඇමතිනියගෙන් තමිල්නාඩුවට අවවාද

ශ්‍රී ලංකා මුහුදු සීමාවට පිවිසෙන ඉන්දීය ධීවරයින් මෙරට නාවික අංශ විසින් හේතුවක් රහිතව අත්අඩංගුවට නොගන්නා බව ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය අවධාරණය කරනවා.
ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කළේ ඉන්දීය ලෝක් සභාවේ හිටපු මන්ත්‍රී එම් රාම්දාස් මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීම සදහා මැදිහත් වන ලෙසට යොමුකර තිබූ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ඇය මෙම අදහස් පල කළ බවයි. .

ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී අන්දමින් මසුන් මැරීම සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ධීවර යාත්‍රා 2ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයිද ඉන්දීය විදේශ අමතිනිය තහවුරු කර තිඛෙනවා.
ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී අන්දමින් මසුන් මැරීම සම්බන්ධයෙන් තමා කණගාටු වන බවත් දිගින් දිගටම මෙලෙස ඉන්දීය ධීවරයින් ශ්‍රී ලාංකික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වුවහොත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග හරහා ඔවුන් නිදහස් කර ගැනීම දුෂ්කර කාර්යයක් වනු ඇති බවත් ඇය අවධාරණය කර තිඛෙනවා.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න