සයිටම් රෝහල අද රජයට පවරා ගනී

සයිටම් ආයතනයට අයත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදුකෙරෙනවා.
කෙසේ වෙතත් සයිටම් හෙවත් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා නොගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කළේ.
නවීන වෛද්‍ය තාක්ෂණ උපකරණවලින් සමන්විත මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අක්කර 05 ක භූමියකින් යුක්ත හරිත සංකල්පයට අනුව ගොඩනඟා තිඛෙනවා.
වර්ග අඩි 180,600 කින් යුක්ත මහල් 04 කින් යුක්ත ගොඩනැගිල්ලක් සහ මහල් 08 ක ගොඩනැගිලි දෙකකින් රෝහල සමන්විතයි.
ශික්ෂණ රෝහලක තිබිය යුතු අති නවීනතම වෛද්‍ය සේවා සහ සායනික පහසුකම්වලින් මෙම රෝහල පරිපූර්ණ අතර රජයට පවරා ගැනීමෙන් පසුව රෝහලෙන් නොමිලේ ප්‍රතිකාර ලබා ගැනීමට රෝගීන්ට හැකියාව පවතිනවා.
එසේම මුදල් ගෙවා සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි ගෙවන වාට්ටු ක්‍රමයක්ද මෙහි ඇතුලත් කිරීමට නියමිතයි.
කොළඹ/ගම්පහ දිස්ත්‍රික්කයන්හි සහ දකුණු පළාතේ ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවාව සපයන මධ්‍යස්ථානයක් බවට මේ රෝහල ඉදිරියේදි පත්වනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
මෙම රෝහලේ දැනට මූල්‍ය වටිනාකම රුපියල් බිලියන තුනහමාරක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න