පළාත් පාලන රෙගුලාසි කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම පිළිබඳ රජයේ කටයුතු මේ වන විට අවසන් කර තිබෙන අතර, අදාළ රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා එම පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා  මේ බව ප‍්‍රකාශ කළේ කසළ කළමනාකරණය සහ ඩෙංගු උවදුර මැඩලීම සඳහා පළත් පාලන ආයතනවල සැලසුම් සකස් කිරීම වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේ පැවති වැඩමුළුව අමතමිනි.

ආණ්ඩුව මැතිවරණ නො පවත්වන බවට දේශපාලන වශයෙන් සහ මාධ්‍ය තුළ විවිධ විවේචන එල්ල වුවද සිදුව ඇත්තේ ආණ්ඩුව මැතිවරණ නොපවැත්වීම නොව, පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීමට අදාළව මීට පෙර සකස් කළ පනතේ තිබූ අක‍්‍රමිකතාවය සහ අවිධිමත්භාවය හේතුවෙන් මැතිවරණ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වීම බව ද ජනාධිපතිවරයා  කියා සිටියා.

කැළි කසළ කළමනාකරණය පිළිබඳ මෙතෙක් කිසිදු රජයකින් ස්ථීරසාර වූ විද්‍යාත්මක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක නොවූ බව ද මෙහිදී සඳහන් කළමෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන කුහකත්වයෙන් තොරව හෘද සාක්ෂියට අනුව සිතන සියලුදෙනා ඒ බව පිළිගතයුතු බවත්, මින් ඉදිරියට පත්වන කිසිදු රජයකට මුහුණදීමට සිදු නොවන අයුරින් රටේ කැළි කසළ ප‍්‍රශ්නය අවසන් කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත් අවධාරණය කළා.

 

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න