බුදුදහම හා විද්‍යාව

නවීන විද්‍යාවට වඩා තාරකා විද්‍යාව ගැන බුදු දහම හෙළිකරන හැටි

නවීන විද්‍යාවට වඩා තාරකා විද්‍යාව ගැන බුදු දහම හෙළිකරන හැටි

කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්යය/ නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යවකාශ යෙදුම් හා තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක චන්දන ජයරත්න මහතා විසින් බුදු දහම හා නවීන විද්‍යාව සම්බන්ධයෙන් බුදුසරණ පුවත්පතට පල කළ අදහස් එකතුවක් මෙසේ ඉදිරිපත් කරන්නෙමු. අද ඇතැම් පිරිස් විද්‍යාව හා බුදුදහම එකිනෙකට සැසඳීම පිළිබඳව යම් චකිතයක් දක්වනවා. මේ පිළිබඳ ඔබගේ ආකල්පය කුමක්ද?එලෙස චකිතයක් දක්වන්නේ විද්‍යානුකූල කරුණු වෙනස් වුවහොත් බුදුදහමට එයින් යම් හානියක් වේයැයි ඇති බොරු බිය නිසයි. මෙම බුදුදහම පිළිබඳ මනා වැටහීමක් නැති අය විසින් ඇති කරගත් වැරැදි අදහසක්. විද්‍යාත්මකව සොයා ගන්නා කරුණු වලින් සියට 50 ක් පමණ වසර 15 කට වරක් වෙනස් වෙනවා. මෙහිදී සිදුවන්නේ කලින් දැනගත් දත්ත බොරු කිරීමකට වඩා එම දැනුම තවත් පුළුල් කිරීමයි. උදාහරණයක් ලෙස චන්ද්‍රයා පෘථිවිය වටාත් පෘථිවිය ඇතුළු අනෙක් ග්‍
පිරිතේ බලය විද්‍යාඥයන් තහවුරු කළ හැටි

පිරිතේ බලය විද්‍යාඥයන් තහවුරු කළ හැටි

ජපානයේ ෆුජිවාරා (Fujiwara) වේල්ල මේ කියන කාලයේ, ඒ කියන්නේ 1995 වසරේ දී ඒ තරම්ම පිරිසිදු මට්‌ටමක නෙමෙයි තිබුණේ. ඒත් ආචාර්ය මසාරුගේ සුප්‍රකට පර්යේෂණයකට මුල් වුණේ මේ ෆුජිවාරා වේල්ලයි. ෆුජිවාරාහි ජල සාම්පලයක්‌ අධික සිසිලසකට ලක්‌කොට අධි තාක්‌ෂණික කැමරාවකින් රූප රාමුවකට ගත්ත ආචාර්ය මසාරුට දකින්න ලැබුණේ අපිරිසිදු නොපැහැදිලි ජල අණුවක රූපයක්‌. ඉන්පසුව ඔහු මේ වේල්ලේ ඇති ජලයට සෙන් බෞදධ හිමිවරයකුගේ මුවින් සූත්‍ර සඡ්ජායනාවක්‌ ඇසෙන්නට සැලැස්‌සුවා. සූත්‍ර සඡ්ජායනයෙන් පස්‌සේ වේල්ලෙන් ගත්ත ජල සාම්පලයක්‌ පෙර පරිදිම අධික සිසිලසකට බදුන්කොට අධි තාක්‌ෂණික කැමරාවෙන් රූප රාමුවට නැගුණා. ප්‍රතිඵලය වුණේ හැමදෙනාම අතිශයින්ම මවිත කරවන සුලු වූවක්‌. පෙරදී දුටු අපැහැදිලි අපිරිසිදු ජල අණුව වෙනුවට මෙවර දකින්නට ලැබුණේ අතිශයින්ම පිරිසිදු හා පැහැදිලි දිලිසෙන ජල අණුවක රූපයක්‌. මේ ප්‍රතිඵලය කොයි තරම් පෙරළිකාර සිදුවීමක්‌ වුණා ද ක
කළ කම්වලින් මිදිය හැකිද ? බුද්ධ දේශනාවෙන් පැහැදිලි කිරීමක්

කළ කම්වලින් මිදිය හැකිද ? බුද්ධ දේශනාවෙන් පැහැදිලි කිරීමක්

බුදුරජාණන් වහන්සේ නොසිතිය යුතු, සිතීමෙන් උමතු බවට හා දුකට පත්විය හැකි විෂයක් වශයෙන් කර්ම විෂය පෙන්වා දී ඇත. “කර්ම” යන වචනයෙන් විවිධ අර්ථ ප්‍රකාශ වෙනත් ආගමික හා දාර්ශනික හැඟුමෙන් පාරිභාෂික වචනයක් වශයෙන් ද එය සකස් වී ඇත. “කර්ම විෂය” ඉතා ගැඹුරු වූ ද, විස්තෘත වූ ද, විවිධ වූ ද අදහස් රාශියක් ඇති නිසා “කර්මවාදය” යනුවෙන් ව්‍යවහාර කරයි. වෛදික යුගයේ සිට නූතන යුගය දක්වා පෙර පර දෙදිග නොයෙක් චින්තන සම්ප්‍රාදයයන් අතර, “කර්ම චින්තනය” සර්වත්‍රගත ආධිපත්‍යයකින් ප්‍රකාශිතව ඇත. පුනරුප්පත්තිය හෙවත් පුනර්භවය පිළිබඳ සලකා බැලීමත්, මෝක්ෂය පිළිබඳ ගවේෂණයත් කර්මවාදයට පසුබිම වී ඇත. කර්මක්ෂය කිරීමෙන් මෝක්‍ෂය ලැබිය හැකි බව භාරතීය සියලු කර්මවාදී ආගමක ම, දර්ශනයක ම පිළිගැනීමයි. සෘග්වේද සංහිතාහි කර්මය පිළිබඳ බීජ අවස්ථාව දක්නට ලැබෙන අතර, බුද්ධ පූර්ව වූ ද, උපනිෂත්, ෂව් ශාස්තෘ ධර්ම ආදියෙහි මෙන්ම පශ්චාත් බුද්ධ කාලීන, උපනිෂත්, බ
කේම්බ්‍රිජ් සරසවිය අතහැර බුද්ධ පුත්‍රයකුවූ විද්‍යාඥයා

කේම්බ්‍රිජ් සරසවිය අතහැර බුද්ධ පුත්‍රයකුවූ විද්‍යාඥයා

ඔස්ට්‍රේලියවේ පර්ත් නුවර බොධිංයාන සෙනසුනේ අනුශාසක අතිපූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ මහාතෙරුන්වහන්සේ , ගිහිකල විද්‍යාඥයකු ලෙස ලත් අත්දැකීම සහ බුදුදහමෙන් ලද අවබොධයත් එක්කොට දක්වන ලද අදහස් සහිත අපූර්ව ලිපියක් ... එවකට මම විද්‍යාඥයෙකුව සිටියෙමි. පසු කාලීනව බොහෝ පිළිගැනීමට ලක් වූ මහාචාර්ය ස්ටීවන් හෝකින් හා සමකාලීනව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සෛධාන්තික භෞතික විද්‍යාව හැදෑරුවෙමි. සමහර විද්‍යාඥයන්ගේ ආධානග්‍රහී (Dogmatic) බව දැකීමෙන්, විද්‍යාව පිළිබඳ වූ මුලාවෙන් නිදහස්වීමට විද්‍යාඥයෙකු වූ මා හට හැකිවින. ශබ්දකෝෂයට අනුව ආධානග්‍රහී බව යනු, යම් මතයක් මුල්කරගත් උද්දච්ඡ් බවයි. එම අර්ථ දැක්වීම, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යලයේ විද්‍යාගාර තුලදී මා දුටු “විද්‍යාව” අර්ථ දැක්වීමට ඉතා සුදුසුවේ. “විද්‍යාව” තුල විනය විනාශවී ඇත. නිවහල් චින්තනයකින්යුත් සත්‍ය ගවේෂණය වෙනුවට, ගර්වයෙන් පිරුණු අදහස්, සියල්ල අතික්‍රමණය ක
පුද්ගලයින්ගේ මරණාසන්න අත්දැකීම් හෙලිකරන සුදු හාමුදුරුවෝ

පුද්ගලයින්ගේ මරණාසන්න අත්දැකීම් හෙලිකරන සුදු හාමුදුරුවෝ

මේ කියන මහාචාර්ය ‘පින් වැන් ලෝමල්’ හට මරණාසන්න වූවන් පත් වන සිද්ධිවලට සම්බන්ධ කතන්දර, හුදු කතාන්දරවලට සීමා නොකොට මේවා ඇත්තද කියා විද්‍යාත්මකව සොයා බලන්න ඕනෑ වුණා. ඔහු මේ පිළිබඳ කළ පර්යේෂණය සම්බන්ධව සුප්‍රසිද්ධ වෛද්‍ය විද්‍යා සඟරාවක් වූ ‘ද ලන්සෙට්’ සඟරාවේ 2008 කලාපයේ පළ වී තිබෙනවා. ඔහුගේ පර්යේෂණයට පාදක වුණේ නෙදර්ලන්තයේ රෝහල් දහයක්. ඔහුගේ නියැදි කණ්ඩායම වූයේ මේ රෝහල් දහයට ඇතුළු වන හෘදයාබාධ සෑදී හෘදයේ ධමනි හිර වීමෙන් රෝගාතුර වී, එහෙත් පණ රැකගත් රෝගීන්. හෘදයේ ධමනි හිර වීමෙන් රෝගාතුර ව රෝහලට පැමිණි සෑම රෝගියකුටම ඔහු ප්‍රශ්නාවලියක් දුන්නා. මේ ප්‍රශ්නාවලියෙන් අසා තිබුණේ හෘදයාබාධය උත්සන්න වී සිහිසුන්ව, නැත් නම් තාවකාලික මරණයට පත් වූ කාලපරාසයක් ගැන ඔවුන්ට කිසියම් මතකයක් තිබෙනවාද යන්නයි. ඒ වගේම සැත්කම් කාමරයේදී සිදු වූ දේවල් ද ඔහු වාර්තා කර තැබුවා. මේ මගින් ඔවුන්ගේ මතකයන්ගේ නිරවද්‍යතාව පිරික්ස
ඩාවින් උපදින්නට වසර 2000කට පෙර බුදු හිමි පරිනාමවාදය හෙළි කළ හැටි

ඩාවින් උපදින්නට වසර 2000කට පෙර බුදු හිමි පරිනාමවාදය හෙළි කළ හැටි

සංවට්‌ට කල්පය ගෙවී අවසන් විය. යුග ගණනාවක්‌ මෙම කල්පය තුළ ගෙවී ගියේය. මිනිසාගේ ප්‍රභවය යුගයෙන් යුගය නව පරිවර්තනයන්ට ලක්‌විය. ප්‍රාග් ඓතිහාසික යුගය වූ ගල් යුගය, එෙඩේර යුගය, වැඩවසම් යුගය, කාර්මික යුගය, ඉලෙක්‌ට්‍රොනික්‌ යුගය, ඩිජිටල් යුගය වශයෙන් මෙම යුග තත්ත්වයන් හඳුන්වාදිය හැක. බුදුරජාණන් වහන්සේ සප්ත සූර්යෝද් ගමන සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය, බ්‍රහ්ම ජාල සූත්‍රය, ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රය, මහා පරිනිබ්බාණ සූත්‍රය වැනි සූත්‍ර දේශනා තුළින් ලෝකයේ ගමන් මඟ පැහැදිලි කර තිබේ. ඇතිවී වෙනස්‌ වෙමින් පැවතී, නැතිවී යැම ලෝක ස්‌වභාවය බැවින් මෙලෙස යුගයෙන් යුගය ලොව වෙනස්‌ විය. මේ මිහිමඬලේ පාලකයා මිනිසා බවට පත්වෙයි. එනිසා සොබාදහමේ ස්‌වයංක්‍රීය ක්‍රියාකාරීත්වයට පවා තර්ජන එල්ල වූ ආකාරය කෙසේ ආරම්භ වූයේද යන්න අවබෝධ කර ගන්නට අග්ගඤ්ඤ සූත්‍ර අන්තර්ගතයට පිවිසීම කාලෝචිත වෙයි. ආබස්‌සර නම් බ්‍රහ්ම ලෝකයෙන් මහා පෘථිවිය වෙත
තරු දොරටු / රාවණා හා යුග විනාශ සංකල්ප ගැන ඛෙල්ලන නාහිමියන් පල කළ අදහස්

තරු දොරටු / රාවණා හා යුග විනාශ සංකල්ප ගැන ඛෙල්ලන නාහිමියන් පල කළ අදහස්

කැලණිතිස්ස රජ දවස මුහුද ගොඩ ගැලීමත්, එහිදී මුහුදට පාකර හැරිය විහාර මහා දේවිය කිරින්දේ ඉහල ගල් තලාවට ගොඩබැසීමත් මෑතක් වන තුරුම කාටත් අත්භූ®ත අභව්‍ය කතාවක් වුණා. නමුත් 2004 දෙසැම්බර් සුනාමියෙන් යළිත් මුහුද ගොඩ ගැලීමේ සිද්ධිය සැබවින්ම ඔවුන් හැම අත් දැක්කාට පස්සේ ඒක සාමාන්‍ය සංසිද්ධියක් ලෙස පිළිගැනීමට සිද්ධ වුණා. ඒ වගේ තමයි ‘රාවණගේ සිය මාලිගා පස් විස්සක් වීදි නුවර මුහුදට ගිලී ගිය ‘ පුවත රාජාවලියෙහි 166 වෙනි පිටුව කියවා ඇතමුන් ඉස්සර හිනා වුණා මහ පොළවට නොපෙනෙන බොහෝ දේ උඩු ගුවනට පෙනෙයි. අසිරිමත් ගුවන් පථ, දෙකඩ වූ දෙස් විදෙස්, ගිළී ගිය ගම් දනව් සක්වළේ සක්මනට හොඳීන් දිස්වේ. මේ ඒ සම්බන්ධයෙන් බුදුසරණ පුවත්පතේ සක්වල සක්මන හා එක්වෙමින් මීට වසර ගණනාවකට පෙර අපවත්වී වදාළ ඛෙල්ලන ඥානවිමල මහනාහිමියන් පල කර තිබූ වැදගත් අදහස් කිහිපයක්.  මහනායක හාමුදුරුවනේ, ඇත්තටම ‘රාවණා’ කියන්නේ කාටද? හිරු පිරිවරට, රණ
Close